Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th February 2024 16:00:30 Hours

ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පවත්වනු ලැබූ ආධුනික පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන්

යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහ ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උපදෙස් යටතේ ආධුනික පුහුණු මධ්‍යස්ථානයේ අධීක්‍ෂණය මත ඉඳුරාම ක්‍රීඩා දක්‍ෂතා මත බඳවා ගන්නා ලද ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත මසක කාලසීමාවක් පවත්වනු ලැබූ ආධුනික පුහුණු පාඨමාලාව පසුගිය අඟහරුවාදා (පෙබරවාරි මස 27) දින සාර්ථකව නිම කරන ලදී.

යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 10 ක් සහ යුද්ධ හමුදා ක්‍රීඩා කමිටු 08 ක් නියෝජනය කරමින් ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 38 දෙනෙකු වෙත යුද්ධ හමුදා ක්‍රීඩා ගම්මානයේ සහ ආධුනික පුහුණු මධ්‍යස්ථානයේ උපදේශකයින් විසින් පවත්වන ලදී. මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන ලදී. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් ජී.ඒ.ටී ගො‍ඩේවත්ත ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් පාඨමාලාවේ අවසන් දේශනය පවත්වනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ උපදේශකවරුන් ද සහභාගී වූහ.