2025-03-07 12:31:54
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථාන සිනමා ශාලාවේදී 2025 මාර්තු මස 5 දින ‘බෝ නොවන රෝග හඳුනාගැනීම සහ ඉන් වැළකීම’ පිළිබඳ වැඩමුළුවක් පවත්වනු ලැබීය.
2025-03-06 16:32:11
ගුවන් ප්‍රහාරක පුහුණු පාඨමාලා අංක - 29 සාර්ථකව හැදෑරූ භටපිරිස්හි විසිරයාමේ පෙළපාලිය 2025 මාර්තු මස 5 දින නිකවැව, ගුවන් සංක්‍රමික පුහුණු පාසලේදී නිලධාරින් 05 දෙනෙකු සහ සෙසුනිලයන් 111 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වයි.එම්.එස්.සී.බී ජයතිලක RSP USP සහභාගි විය.
2025-03-05 11:53:31
‘මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම’ පිළිබඳ 7 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙතින් සංවිධානය කළ දේශනයක් එම රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී 2025 මාර්තු මස 04 දින පවත්වන ලදී.
2025-03-04 13:04:00
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීමත්, විධායක ජෙනරාල්තුමන්ගේ උපදෙස් හා පුහුණු අධ්යක්ෂ ජෙනරාල් සහ පිරිස් පරිපාලන අධ්යක්ෂතුමන්ගේ අධීක්ෂණය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් මේ වනවිට ‘රෙජිමේන්තු සැරයන් මේජර්වරු සහ සරඹ උපදේශකවරුන්ගේ ප්‍රගමන ප්‍රවර්ධන හා නායකත්ව සංස්කරණ පාඨමාලාව - 2025/01’ අම්පාර සටන් පුහුණු පාසල් පරිශ්‍රයේදී පවත්වනු ලබයි.
2025-02-27 15:20:59
භටපිරිස්හි චිත්ත ධෛර්යය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් 1 බලකායේ බලකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ 2025 පෙබරවාරි මස 25 දින එම බලකායේ නෙළුම් පියස සම්මන්ත්රණ ශාලාවේදී දේශන මාලාවක් පැවැත්විණි.
2025-02-21 12:24:03
මේජර් ජෙනරල් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි RWP RSP USP ගේ මඟපෙන්වීම මත 59 පාබල සේනාංකය වෙතින් 6 බලඇණිය ගැමුණු හේවා බලකා මූලස්ථානයේදී අංගම්පොර පුහුණු වැඩසටහනේ දෙවන අදියර පැවැත්වීය. මෙම වැඩසටහන 2025 පෙබරවාරි මස 15 සිට 28 දින දක්වා යුද්ධ හමුදා සාමාජිකයන් 90 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
2025-02-19 16:03:52
යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.කේ රාජපක්ෂ RSP ගේ මඟපෙන්වීම මත 2025 වර්ෂයේ පළමු කාර්තුව සඳහා නිලධාරින්ගේ පුහුණු දින වැඩසටහන 2025 පෙබරවාරි මස 11 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා රෙජිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
2025-02-18 09:55:38
පුත්තලම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආධුනික පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබූ ආධුනික සෙබළුන් 421 දෙනෙකු මාස හයක කාලසීමාවක් පුරාවට සිය මූලික පුහුණුව සාර්ථකව අවසන් කර 2025 පෙබරවාරි මස 14 දින පැවති උත්සවයකදී හමුදා සම්ප්‍රදායානුකූලව විසිර ගියහ.
2025-02-16 22:11:51
ගැමුණු හේවා බලකායේ භටිපිරිස් වෙනුවෙන් පැවැත් වූ සංග්‍රාමික ප්‍රවාහන භට කණ්ඩායම් පෙර පුහුණුවීම් පාඨමාලාව - අංක 6, 2025 පෙබරවාරි මස 14 දින ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී සාර්ථකව අවසන් විය.
2025-02-04 17:38:29
141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.ආර්. ද එස්. ධර්මවික්‍රම ආර්එස්පී ගේ අධීක්ෂණය සහ මඟ පෙන්වීම යටතේ, 2025 ජනවාරි මස 22 දින එම බලසේනාවේ රාජකාරියෙහි නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් වෙනුවෙන් ‘ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් අයවැයකරණය’ පිළිබඳ හරවත් දේශනයක් පවත්වන ලදී.