2024-12-16 18:55:26
141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.ආර් ද එස්. ධර්මවික්‍රම ආර්එස්පී ගේ මඟපෙන්වීම මත 2024 දෙසැම්බර් මස 13 දින කෙරවලපිටිය, සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේදී (CPSTL) හදිසි ගිනිනිවීමේ පෙරහුරු අභ්‍යාසයක් සාර්ථකව පවත්වන ලදී. 141 පාබල බලසේනාවේ භටපිරිස් සහ එම තෙල් ගබඩා පර්යන්තයේ සේවයේ නියුතු නිලධාරින් ඒකාබද්ධව මෙම පෙරහුරු අභ්‍යාසය සිදුකරනු ලැබූහ.
2024-12-16 18:50:55
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩියු ගේ මඟපෙන්වීම මත අනුරාධපුර ආරක්ෂක සේනා මූලස්ථාන - වන්නි පිහිනුම් තටාකයේ දී 2024 නොවැම්බර් මස 5 දින සිට දෙසැම්බර් මස 13 දින දක්වා මූලික පිහිනුම් පාඨමාලා අංක - 22 පැවැත්විණි.
2024-12-13 11:41:06
2024-12-13 07:02:57
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානයේ පුහුණු දින වැඩසටහනට සමගාමීව ‘ශ්‍රී ලංකාවේ භයානක මත්ද්‍රව්‍ය භාවිතයේ වත්මන් ගැටළු’ තේමාව ඔස්සේ 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඒකක පරිශ්‍රයේදී 2024 දෙසැම්බර් මස 12 දින දේශනයක් පැවැත්විණි.
2024-12-11 13:49:11
නිකවැව, ගුවන් සංග්‍රාමික බලඇණි පුහුණු පාසලේදී 5 බලඇණිය ගැමුණු හේවා බලකාය විසින් පවත්වනු ලැබූ උසස් ගුවන් සංග්‍රාමික බලඇණි පුහුණු පාඨමාලා අංක 3 හි බලඇණි ඉදිරිපත් කිරීම සහ සමාප්ති දේශණය 2024 දෙසැම්බර් මස 9 සහ 10 යන දෙදින තුල පවත්වනු ලැබීය.
2024-12-11 08:16:05
දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකක්රු පුහුණු පාසලේ පැවති මූලික ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාඨමාලා අංක - 217 හි සමාප්ති උත්සවය 2024 දෙසැම්බර් මස 07 දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. 2024 නොවැම්බර් මස 11 දින ආරම්භ වූ මෙම පාඨමාලාව සඳහා නිලධාරින් 16 දෙනෙක් සහ සෙසුනිලයන් 85 දෙනෙකු සහභාගී වූහ
2024-12-11 08:14:14
නිලධාරින් 07 දෙනෙක් සහ සෙසුනිලයන් 295 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 11 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ බලඇණි පුහුණු පාඨමාලාව 2024 ඔක්තෝබර් මස 14 සිට දෙසැම්බර් මස 02 දින දක්වා මුලන්කාවිල් බලඇණි පුහුණු පාසලේදී සාර්ථකව පැවැත්විණි.
2024-12-07 22:37:18
8 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරින් 13 දෙනෙක් සහ සෙසුනිලයන් 413 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති බලඇණි පුහුණු පාඨමාලාව ආලංකුලම ප්‍රදේශයේ ස්ථාපිත පාබල බලඇණි පුහුණු පාසලේදී 2024 දෙසැම්බර් මස 06 දින සාර්ථකව අවසන් කෙරිණි.
2024-12-07 22:35:04
14 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ බලඇණි පුහුණු පාඨමාලාව 2024 දෙසැම්බර් මස 05 දින ගල්කුලම ප්‍රදේශයේ ස්ථාපිත පාබල බලඇණි පුහුණු පාසලේදී සාර්ථකව අවසන් විය.
2024-12-07 06:59:26
බූස්ස ප්‍රදේශයේ පිහිටි 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත 2024 දෙසැම්බර් මස 4 දින එම සේනාංක මූලස්ථානයේදී බදාදා දින පුහුණු වැඩසටහන පැවැත්විණි. කණ්ඩායම් ක්‍රියාකාරකම් සිදුකිරිමේ හැකියාව, නිලධාරීන්ගේ සහ සෙසුනිලයන්ගේ දැනුම හා වෘත්තීයභාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම පුහුණු වැඩසටහන පැවැත්වීය.