Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th March 2025 12:31:54 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මූලිකත්වයෙන් ‘බෝ නොවන රෝග හඳුනාගැනීම සහ ඉන් වැළකීම’ පිළිබඳ වැඩමුළුවක්

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථාන සිනමා ශාලාවේදී 2025 මාර්තු මස 5 දින ‘බෝ නොවන රෝග හඳුනාගැනීම සහ ඉන් වැළකීම’ පිළිබඳ වැඩමුළුවක් පවත්වනු ලැබීය.

බ්‍රිගේඩියර් ආර්.එම්.එම් මොණරාගල USP, බ්‍රිගේඩියර් ඒ.එස්.එම් විජේවර්ධන (විශ්‍රාමික) සහ කපිතන් එච්.එච්.ඩී.අයි.එල් හෙට්ටිආරච්චි ඇතුළු යුද්ධ හමුදා වෛද්‍ය නිලධාරින් පිරිසක් විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩමුළුවේදී දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ හෘද රෝග වැනි බෝ නොවන රෝග කල්තියා හඳුනාගැනීම, පාලනය කරගැනීම සහ එම රෝගවලට භාජනය වීමෙන් වැළකීම පිළිබඳව මෙන්ම ඒ සඳහා ජීවන රටාවන් වෙනස් කරගැනීම හා නිවැරදි ආහාර පිළිවෙත් පිළිබඳව ද දැනුවත් කරන ලදී.