2025-04-24 10:19:46
විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙහි රාජකාරියෙහි නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් සඳහා ජෛව වෛද්‍ය වායු පද්ධති නඩත්තුව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 අප්‍රේල් මස 22 දින නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේදී පවත්වන ලදී.
2025-04-11 13:09:55
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc ගේ මඟපෙන්වීම මත එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවති ‘මූලික ජීවිතාරක්ෂක පාඨමාලා අංක - 23’ සාර්ථකව අවසන් කෙරිණි.
2025-04-11 13:09:02
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර් පාලමකුඹුර RWP RSP ගේ මඟපෙන්වීම මත එම සේනංක මූලස්ථාන ශ්‍රවණාගාර පරිශ්‍රයේදී 2025 අප්‍රේල් මස 09 දින ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දේශනයක් පැවැත්විණි.
2025-03-30 12:41:53
ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතන මඟින් පවත්වනු ලැබූ Tailor–Made United Nations Military Observers Course and Aero Medical Evacuation Team Pre-Deployment Training පාඨමාලාව 2025 මාර්තු මස 27 දින සාර්ථකව අවසන් කරන ලදී.
2025-03-27 15:00:36
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර ගේ මඟපෙන්වීම යටතේ සහ 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්ෂණය යටතේ, අම්බලන්ගොඩ මාදම්ප River and Rivers Edge හෝටල් පරිශ්‍රයේදී ආපදා ප්‍රතිචාර සහ ගලවා ගැනීමේ පුහුණු වැඩසටහනක් 2025 මාර්තු මස 24 දින සිට 26 දක්වා සාර්ථකව පවත්වන ලදී.
2025-03-26 10:10:03
ඔරුගොඩවත්ත, ශ්‍රී ලංකා කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනයේදී ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් වෙනුවෙන් පැවති උසස් කාර්මික ඩිප්ලෝමා පාඨමාලා අංක - 03 හි සහතිකපත් ප්‍රධානෝත්සවය 2025 මාර්තු මස 25 දින එම පුහුණු ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි. K-Tec ආයතනය වෙතින් පවත්වනු ලැබූ මාස හයක පාඨමාලාව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සාමාජිකයන්ගේ තාක්ෂණික කළමනාකරණ කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්විණි.
2025-03-22 10:23:28
නීති සේවා මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් 2025 මාර්තු මස 18 සහ 19 යන දිනයන්හිදී ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය හිදී අභ්‍යන්තර ආරක්ෂක මෙහෙයුම්වල යුද්ධ හමුදාවේ කාර්ය භාර්ය පිළිබඳ දෙදින වැඩමුළුවක් පවත්වන ලදී.
2025-03-12 16:15:53
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් යුද්ධ හමුදා සාමාජිකයන් සතු ප්‍රථි ත්‍රස්ත්‍ර ක්‍රියාන්විත සිදුකිරීමේ හැකියාවන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2025 පෙබරවාරි මස 17 දින සිට මාර්තු මස 6 දින දක්වා එම මූලස්ථාන ක්‍රීඩා පිටියේදි ක්ෂණික විහිදුම් ධාවන පැදි ඛණ්ඩ සංස්කරණ පාඨමාලාව පැවැත්විණි.
2025-03-12 09:28:12
අම්පාර සටන් පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවති ‘කොමිෂන් නොලත් නිලධාරින්ගේ නායකත්ව සහ ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 59’ හි සහතිකපත් ප්‍රධානෝත්සවය 2025 මාර්තු මස 8 දින පැවැත්විණි.
2025-03-07 14:12:59
යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් ටී.ටී.පී සිරිවර්ධන RSP ndc psc Isc ගේ මඟපෙන්වීම මත 2025 මාර්තු මස 05 දින යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්යක්ෂ මණ්ඩලය වෙතින් සුභසාධන සේවා පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් එම අධ්යක්ෂ මණ්ඩල පරිශ්‍රයේදී පවත්වන ලදී.