Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th March 2025 11:53:31 Hours

මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම පිළිබඳ 7 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙන් දේශනයක්

‘මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම’ පිළිබඳ 7 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙතින් සංවිධානය කළ දේශනයක් එම රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී 2025 මාර්තු මස 04 දින පවත්වන ලදී.

ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ නිවාරණ අධ්‍යාපන හා තොරතුරු නිලධාරිනි දුල්ෂානි තාරකා මෙනවියගේ මූලිකත්වයෙන් මෙම දේශනය පැවැත්විණි.

මෙම දේශනය සඳහා පුනරුත්ථාපන කාර්යංශයේ කොළඹ කොට්ඨාසයේ පුනරුත්ථාපන නිලධාරි විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිතන් කර්නල් ඩබ්ලිව්.ඒ.එන්.ඩී ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.