Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st February 2025 12:24:03 Hours

59 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් අංගම්පොර පුහුණු වැඩසටහනේ දෙවන අදියර පවත්වයි

මේජර් ජෙනරල් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි RWP RSP USP ගේ මඟපෙන්වීම මත 59 පාබල සේනාංකය වෙතින් 6 බලඇණිය ගැමුණු හේවා බලකා මූලස්ථානයේදී අංගම්පොර පුහුණු වැඩසටහනේ දෙවන අදියර පැවැත්වීය. මෙම වැඩසටහන 2025 පෙබරවාරි මස 15 සිට 28 දින දක්වා යුද්ධ හමුදා සාමාජිකයන් 90 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

මෙම පුහුණු වැඩසටහන සඳහා සහභාගි වන භටපිරිස්හි සටන් කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් යුද්ධ හමුදා අංගම්පොර කණ්ඩායමේ දක්‍ෂ උපදේශකයින් 10 දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.