2024-11-15 20:09:48
3 (ස්වෙච්ඡා ) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය සහභාගී වූ බලඇණි පුහුණු පාඨමාලාව 2024 නොවැම්බර් මස 12 දින පූනානි බලඇණි පුහුණු පාසලේදී සාර්ථකව අවසන් කරනු ලැබීය.
2024-11-15 12:38:35
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 නොවැම්බර් මස 12 දින ඔළුවිල් වරාය පරිශ්‍රයේදී පිටත ජල යන්ත්‍ර පිලිබඳ එක්දින විශේෂිත පුහුණු සැසියක් පවත්වන ලදී.
2024-11-12 17:42:10
‘මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ උසස් පාඨමාලා - අංක 28’ හි සමාප්ති උත්සවය 2024 ඔක්තෝම්බර් මස 30 දින කුකුළේගඟ පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී පැවැත්විණි.
2024-11-12 17:38:59
භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 10 හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරින් 25 දෙනෙකු සිය පාඨමාලා විෂය මාලාවේ කොටසක් වශයෙන් 2024 ඔක්තෝබර් මස 30 දින යක්කල රණවිරු ඇපරල් ආයතනයේ නිරීක්ෂණ සංචාරයක නිරතවූහ.
2024-11-11 09:54:55
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත එම මූලස්ථානය යටතේ සේවයේ නියුතු සාමාජිකයන් වෙනුවෙන් ‘ජීවත්වීම කලාවකි’ තේමාව ඔස්සේ 2024 නොවැම්බර් මස 06 දින එම මූලස්ථාන බහුකාර්ය ශාලාවේදී දේශනයක් පැවැත්විණි.
2024-11-08 15:00:56
141 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත පුහුණු දිනයට සමගාමීව 2024 නොවැම්බර් මස 06 දින වෘත්තීය පුහුණුව සහ ඇගයීම පිළිබඳ දේශනයක් පැවැත්විණි. මෙම දේශනය වේයන්ගොඩ, වෘත්තීය පුහුණු අධිකාරියේ සහයෝගය ඇතිව 141 පාබල බලසේනා දේශන ශාලාවේදී පැවැත්විණි.
2024-11-08 14:50:28
පුහුණු දින වැඩසටහනට සමගාමීව ‘නායකත්වය සඳහා මනෝවිද්‍යාත්මක ප්‍රවේශය’ මැයෙන් දේශනයක් සහ ප්‍රායෝගික සැසියක් 2024 නොවැම්බර් මස 6 දින 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඒකක මූලස්ථානයේදී පවත්වනු ලැබීය.
2024-11-06 21:53:18
දියතලාව, යුද්ධ හමුදා මූලික රෝහලේ දෙවන අණදෙන නිලධාරී මේජර් ජෙ.ඒ.වී.ඩබ්ලිව්. ජයතුංග ඇතුළු කණ්ඩායමක් විසින් 2024 නොවැම්බර් මස 05 දින ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේදී ප්‍රථමාධාර පුහුණු වැඩමුළුවක් පවත්වනු ලැබීය.
2024-11-04 08:39:31
අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක-76’ සාර්ථකව අවසන් කළ සෙසුනිලයන් 189 දෙනෙකු වෙත සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය 2024 ඔක්තෝම්බර් මස 20 දින පැවැත්විණි.
2024-11-03 18:01:15
22 පාබල සේනාංකය වෙතින් 2024 ඔක්තෝම්බර් මස 28 සිට 30 දින දක්වා මුලික ආපදා ප්‍රතිචාර පුහුණුව පිළිබඳව දැනුවත් කිරිමේ වැඩමුළුවක් එම මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීය. මේජර් ජෙනරාල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත යුද්ධ හමුදා ආයතනයන්හි සේවයේ නියුතු නිලධාරීන් 7 දෙනෙකු සහ සෙසුනිලයන් 131 දෙනෙකු මෙම වැඩමුළුව සඳහා සහභාගී වූහ.