31st July 2024 19:34:52 Hours
ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී මඟපෙන්වීම යටතේ එම රෙජිමේන්තු නිලධාරි නිවස්නයේදී Diners' Club වැඩමුළුවක් 2024 ජූලි මස 26 දින පැවැත්විය. මෙම අවස්ථාවට අරාධිත කථිකයෙක් ලෙස මොහාන් සමරනායක මහතා සහභාගී විය.
මොහාන් සමරනායක මහතා දේශනය ආරම්භ කරමින් රුසියා - යුක්රේන යුද්ධය පිළිබඳ පුළුල් විග්‍රහයක් කරමින් දේශනය පැවැත් විය. උපායමාර්ගික, දේශපාලනික සහ සංස්කෘතික මානයන් අවධාරණය කරමින් මොහාන් මහතා ඓතිහාසික දුක්ගැනවිලි සහ භූ දේශපාලන අභිලාෂයන් වත්මන් ගැටුම හැඩගස්වා ඇති ආකාරය ඉස්මතු කරමින් දේශනය සිදු කළේය.
එහිදී යොමුකල ප්‍රශ්න සලදහා පිළිතුරු ලබාදෙමින් සැසිය අවසන් වූ අතර, මොහාන් මහතා ප්‍රේක්ෂකයන්ගෙන් විසින් අසනලද ප්‍රශ්න සඳහා පැහැදිලි පිළිතුරු ලබාදුන් අතර, ගැටුම් දෙකෙහිම සංකීර්ණතා පිළිබඳ වැඩිදුර අවබෝධය සහ සාමය සඳහා විභව මාර්ග සාකච්ඡා කළේය.