29th July 2024 17:30:14 Hours
යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකළා අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් කේ.ඩී.එම්.එල්. සමරදිවාකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ එම අධ්‍යක්‍ෂ කාර්යාලයේ දී “මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම” පිළිබද දේශනයක් 2024 ජූලි මස 24 දින සංවිධානය කරන ලදී.
මෙම දේශනය අධ්‍යක්‍ෂක යුද්ධ හමුදා රෝහල - නාරාහේන්පිට බ්‍රිගේඩියර් ආර්.එම්.එම්. මොනරාගල යූඑස්පී විසින් පවත්වන ලදී. යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකළා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් 9 දෙනෙකු සහ සෙසු නිලයන් 145 දෙනෙකු ඊට සහභාගී වූහ.