Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd August 2024 21:10:12 Hours

විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් මනෝවිද්‍යාත්මක වැඩමුළුවක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා අංශයේ දෙවන වසරේ සිසුන්ගේ ප්‍රායෝගික පුහුණු සැලැස්මේ කොටසක් වන එක්දින මනෝවිද්‍යා වැඩමුළුවක් 2024 ජූලි මස 29 දින 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා රයිෆල් බළකායේ දේශන ශාලාවේදී පැවැත් විණි. අනාගතයේ විශ්‍රාම දිවියට පා තැබීමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් සාර්ථක විශ්‍රාම දිවියක් ගතකිරීම සඳහා සූදානම් කිරීම මෙම වැඩමුළුවේ අරමුණ විය.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ගේ මඟපෙන්වීම සහ 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් පරිදි වැඩමුළුව පැවැත් වූ අතර, මෙම වැඩමුළුව සඳහා 11 පාබල සේනාංකයේ භට පිරිස් 37 ක් සහභාගී වූහ.