31st August 2024 07:54:45 Hours
ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 75 ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් සෙසු නිලයන් 188 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අම්පාර සටන් පුහුණු පාසලේදී 2024 අගෝස්තු මස 29 දින සාර්ථකව අවසන් විය.
සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවූ එම පුහුණු පාසලේ අණදෙන නිලධාරී කර්නල් පී.අයි. පුංචිහේවා ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් අවසන් දේශනය පවත්වන ලදී.එම පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යාව ලෙස 7 ශ්‍රී ලංකා කාන්තා බළකායේ කෝප්‍රල් ඩී.කේ. ලියනගේ සම්මානයට පාත්‍ර විය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසු නිලයන්ද සහභාගී වූහ