Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th August 2024 11:57:15 Hours

ශාරීරික පුහුණු උපදේශක පාඨමාලා අංක 132 සාර්ථකව විසිර යයි

ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව - 132 විසිර යාමේ පෙළපාලිය පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේ පිහිටි යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී 2024 අගෝස්තු 25 දින පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා ශාරීරික පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් බී.කේ.එස්.එල් රොද්‍රිගෝ ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගී විය. දින 63 ක කාලසීමාවක් තුල පැවැත්වූ මෙම පාඨමාලාව සඳහා සෙසු නිලයන් 112 දෙනෙකු සහභාගී විය. මෙම පාඨමාලාව 2024 මැයි මස 27 දින සිට 2024 අගෝස්තු මස 25 දින දක්වා පවත්වන ලදී.

මෙම පාඨමාලාවේ දී දක්‍ෂතම ශිෂ්‍යයා සහ දක්‍ෂතම ජිම්නාස්ටික් ක්‍රීඩකයා ලෙස 2 විශේෂ බළකායේ කෝප්‍රල් ඩබ්ලිව්.වී.එන් සඳරුවන‍්, හොදම ශාරීරික යෝග්‍යතාවයෙන් යුතු හෙබි ශිෂ්‍යයා 1 විශේෂ බළකායේ කෝප්‍රල් එච්.ජී.ටී. තුශාංක දක්‍ෂතම ක්‍රීඩකයා පාබල සෙබල එස්.එම්. ප්‍රියංකර සහ දක්‍ෂතම පෙළ අණ දෙන්නා ලෙස 5 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ කෝප්‍රල් ජී.ටී.කේ.ටී. සදරුවන් විසින් සම්මානය හිමිකරගන්නා ලදී

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසුනිලයන්ද සහභාගී වූහ.