09th September 2024 15:12:43 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර විසින් පුහුණු වැඩසටහනක් සංවිධානය කරන ලද අතර, එම වැඩසටහන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා දේශන ශාලාවේදී 2024 සැප්තැම්බර් මස 5 දින පැවැත්විණි. එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරී I - නීති අංශයේ, ලුතිනන් කර්නල් ඒ.එම්.ටී.ඒ.බී. අරම්පත් ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ වගකීම් පිළිබඳ දේශනයක් පවත්වන ලදී.
මෙම දේශනය සඳහා පනාගොඩ යුද්ධ හමුදා කඳවුරෙහි ස්ථානගත කර ඇති රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ බලඇණි වල නිළධාරීන් 13 දෙනෙකු සහ සෙසු නිලයන් 136 දෙනෙකු සහභාගී වූහ.