Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th March 2025 09:28:12 Hours

‘කොමිෂන් නොලත් නිලධාරින්ගේ නායකත්ව සහ ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 59’ සාර්ථකව අවසන්

අම්පාර සටන් පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවති ‘කොමිෂන් නොලත් නිලධාරින්ගේ නායකත්ව සහ ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 59’ හි සහතිකපත් ප්‍රධානෝත්සවය 2025 මාර්තු මස 8 දින පැවැත්විණි.

මාසයක කාලසීමාවක් පුරාවට සටන් පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවති මෙම පාඨමාලාව සඳහා කොමිෂන් නොලත් නිලධාරින් 99 දෙනෙකු සහභාගි වූහ. පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් කේ.ඩී.එච් කුමාරි සම්මාන දිනාගන්නා ලදී.

සහතිකපත් ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.පී.එස්.පී කුලසේකර WWV RWP RSP විසින් සමාප්ති දේශනය පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා එම සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරි, ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.