24th April 2025 10:19:46 Hours
විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙහි රාජකාරියෙහි නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් සඳහා ජෛව වෛද්‍ය වායු පද්ධති නඩත්තුව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 අප්‍රේල් මස 22 දින නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේදී පවත්වන ලදී.
මෙම වැඩසටහන Biomed International Private Limited ආයතනයෙහි නඩත්තු අංශයේ ඉංජිනේරුවරයෙකු විසින් මෙහෙයවන ලද අතර, එහිදී ජෛව වෛද්‍ය වායු වර්ග, වායු සහ රික්ත පද්ධතිවල මෙන්ම අනතුරු ඇඟවීමේ යන්ත්‍රවල ක්‍රියාකාරිත්වය වැනි ප්‍රධාන මාතෘකාවන් පිළිබඳව සහභාගි වූවන් දැනුවත් කරන ලදී.
මෙම වැඩසටහන සඳහා නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.