Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th March 2025 10:10:03 Hours

උසස් කාර්මික ඩිප්ලෝමා පාඨමාලා අංක - 03 සාර්ථකව අවසන්

ඔරුගොඩවත්ත, ශ්‍රී ලංකා කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනයේදී ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් වෙනුවෙන් පැවති උසස් කාර්මික ඩිප්ලෝමා පාඨමාලා අංක - 03 හි සහතිකපත් ප්‍රධානෝත්සවය 2025 මාර්තු මස 25 දින එම පුහුණු ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි. K-Tec ආයතනය වෙතින් පවත්වනු ලැබූ මාස හයක පාඨමාලාව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සාමාජිකයන්ගේ තාක්‍ෂණික කළමනාකරණ කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.