2025-02-20 14:10:41
යුද්ධ හමුදා පාපන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු RSP USP psc IG ගේ මඟපෙන්වීම මත යුද්ධ හමුදා පාපන්දු කමිටුව වෙතින් සංවිධානය කරනු ලැබූ අන්තර් රෙජිමේන්තු ‘සත් සාමාජික පාපන්දු ශූරතාවලිය - 2025’ හි අවසන් මහා තරඟය පෙබරවාරි මස 14 දින පනාගොඩ, පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම තරඟාවලිය සඳහා රෙජිමේන්තු 11 ක් නියෝජනය කරමින් පාපන්දු කණ්ඩායම් සහභාගි විය.
2025-02-16 21:59:20
ශ්‍රී ලංකා මුෂ්ඨි ප්‍රහාර සංගමය විසින් ගාලු මුවදොර පිටියේදී සංවිධානය කරන ලද 97 වන ජාතික මුෂ්ඨි ප්‍රහාර ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් ජයග්‍රහණ රැසක් හිමිකර ගන්නා ලදී.
2025-02-14 18:17:57
ජාතික මුෂ්ඨි ප්‍රහාරක ශූරතාවලියේදී රන් පදක්කමක් හිමිකර ගත් 3 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙහි කෝප්රල් කේ.ඒ.එස්.කේ අබේගුණවර්ධන වෙත යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව විසින් 2025 පෙබරවාරි මස 9 දින මූල්‍යමය ප්‍රදානයක් සිදුකරන ලදී.
2025-02-13 08:37:39
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුව විසින් සංවිධානය කරනු ලැබූ 13 වන ආරක්ෂක සේවා ගොල්ෆ් ශූරතාවලිය 2025 පෙබරවාරි මස 10 සහ 11 දෙදින තුළ නුවරඑළිය ගොල්ෆ් සමාජයේදී ත්‍රිවිධ හමුදාවේ ගොල්ෆ් ක්‍රීඩකයින් 100 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
2025-02-12 09:26:15
ශ්‍රී ලංකාවේ පැරා-මළල ක්‍රීඩා ඉතිහාසය තුළ කැපීපෙනෙන ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ඩුබායි රාජ්‍යයේදී 2025 පෙබරවාරි මස 11 දින පැවති ‘පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් - 2025’ තරඟාවලියේ යගුලිය විසිකිරීමේ ඉසව්ව තුළින් රන් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩක මාණ්ඩලික සැරයන් එච්.ජී පාලිත බණ්ඩාර සමත්විය.
2025-02-11 10:25:36
සන්කුවික් ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවලිය - 2025 සඳහා සහභාගි වී විශිෂ්ඨ දක්ෂතා දක්වමින් එම තරඟාවලියේ පිරිමි විවෘත කාණ්ඩයේ ශූරතාවය ඇතුළු ශූරතා කිහිපයක් දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් සමත්වූහ. මෙම තරඟාවලිය 2025 ජනවාරි මස 31 සිට පෙබරවාරි මස 02 දින දක්වා මීගමුව බ්‍රවුන්ස් වෙරළ තීරයේදී පැවති අතර, දිවයින පුරා කණ්ඩායම් 160 කට අධික සංඛ්‍යාවක් තරඟාවලිය සඳහා සහභාගි වූහ.
2025-01-22 10:48:03
ශ්‍රී ලංකා ජාතික සෙපැක්ටැක්රෝ සංගමය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘2024 ජාතික වෙරළ සෙපැක්ටැක්රෝ ශූරතාවලිය’ 2025 ජනවාරි මස 19 දින ගල්කිස්ස වෙරළ තීරයේදී පැවැත්විණි. තරඟාවලියේ පිරිමි සහ කාන්තා කාණ්ඩයන් දෙකෙහිම ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි සහ කාන්තා සෙපැක්ටැක්රෝ කණ්ඩායම් සමත්වූහ.
2025-01-19 10:42:20
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.එම්.බී.ඒ. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත 52 පාබල සේනාංකය හා 521 පාබල බලසේනාව විසින් සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් අතර පවතින සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එකමුතුකම සහ ක්‍රීඩාශීලීත්වය වැඩිදියුණු කරමින් පාපන්දු තරඟාවලියක් පැවැත්වීය.
2025-01-17 19:04:12
‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ගොල්ෆ් ශූරතාවලිය - 2025’ හි සමාප්ති උත්සවය 2025 ජනවාරි මස 15 දින නුවරඑළිය ගොල්ෆ් සමාජ පරිශ්‍රයේදී පැවැත්විණි. දින දෙකක් පුරාවට පැවති මෙම තරඟාවලිය සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12 සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකුට අධික පිරිසක් සහභාගි වී සිය දක්ෂතා එළිදැක්වූහ.
2025-01-12 11:44:08
13 වන ආරක්ෂක සේවා බර ඉසිලීමේ ක්‍රීඩා තරඟාවලිය, ටොරින්ටන් පෙදෙස කොළඹ 07 ජාතික බර ඉසිලීමේ මධ්‍යස්ථානයේ දී 2025 ජනවාරි මස 09 දින අවසන් විය.