Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th September 2024 12:51:17 Hours

සිංහ රෙජිමේන්තු අන්තර් බලඇණි පාපන්දු තරගාවලිය අඹේපුස්සේදී

11 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් සත්කාරකත්වය සපයන ලදී අන්තර් බලඇණි පාපන්දු තරඟාවලිය 2024 එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 සැප්තැම්බර් මස 09 දින පැවැත්විණි. මෙම තරඟාවලියේදී ශූරතාව 1 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ අනුශූරතාවය 21 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් හිමිකර ගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී.එස්. තිබ්බොටුගේ සහභාගී වූ අතර, තරඟය නැරඹීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන්ද සහභාගී වූහ.