28th May 2025 17:36:37 Hours
‘ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය’ 2025 මැයි මස 28 දින පැවති අතර එම තරඟාවලියේ පිරිමි මීටර් 400 ඉසව්වේදී තත්පර 45.55 ක කාලයක් වාර්තා කළ බළලත් නිලධාරි II කාලිංග කුමාරගේ ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ශ්‍රි ලංකාවට අභිමානයක් එක්කරදීමට සමත්විය.
2007 වර්ෂයේ සිට ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී පිරිමි මීටර් 400 ඉසව්වෙන් පදක්කමක් දිනාගත් ප්‍රථම අවස්ථාව මෙය වන බැවින් මෙම ජයග්‍රහණය ඉතා කැපීපෙනෙන අවස්ථාවක් විය.