2023-09-19 16:33:04
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කොමිෂන් නොලත් නිලධාරියෙකු නිවුන් දරුවන් සමඟ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන බව දැනුම් දී ඔහු විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය විසින් ඔහු වෙත මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකළේය
2023-09-19 16:31:24
විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි හිමාලි පුස්සැල්ල මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම ශාඛාවේ 27 වන වාර්ෂික මහසභා රැස්වීම 2023 සැප්තැම්බර් මස 9 දින විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
2023-09-19 16:30:47
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ 22 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 16) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී සාමාජිකයින් 38 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියන්තිකා ද සොයිසා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2023-09-19 16:20:19
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික රැස්වීම පසුගිය සඳුදා (සැප්තැම්බර් මස 11) දින පැවති අතර එහිදී, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ විශ්‍රාමික/ දිවංගත යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දුවා දරුවන් 51 දෙනෙකු වෙනුවෙන් රුපියල් 25,000/- ක වටිනාකමකින් යුත් බැංකු ගිණුමක්, පාසල් බෑග්, අභ්‍යාස පොත් සහ කැට ප්රදානය කරන ලදී.
2023-09-17 20:30:37
කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන්ගේ පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් 09) දින ගණේමුල්ල, කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශන ශාලාවේදී පැවැත්විණි.
2023-09-16 22:23:56
බත්තරමුල්ල, 14 (ස්වෙඡ්චා) ඉංජිනේරු සේවා බලකායේ ඒකක දිනයට සමගාමීව ‘යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම’ යන මැයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 11) දින එම ඒකක පරිශ්‍රයේදී පැවැත්විණි. ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනියගේ උපදෙස් මත 14 (ස්වේච්ඡා ) ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරීගේ අධීක්ෂණය යටතේ එම වැඩමුළුව සඳහා හෙලසිරි නාවලගේ මහතා සහ ජයංගනී විජේවර්ධන මහත්මිය සහභාගී වූහ.
2023-09-14 20:11:25
යුද්ධ හමුදා සාමාජිකයන්ගේ භාර්යාවන් විසින් නිෂ්පාදනය කරනු ලබන හස්ත කර්මාන්ත නිෂ්පාදන අලෙවිකරණය, අපනයන අවස්ථා සවිබලගැන්වීම සහ එම නිෂ්පාදන වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිතුමියගේ ආරාධනයකට අනුව අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේපාලිකා ජයවර්ධන මහත්මිය හා කේතකී පැල්පොල මහත්මිය කාර්මික තාක්ෂණ ආයතනයේ ඉල්මි හේවාජූලිගේ මහත්මිය, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ තනුජ චන්ද්‍රසේකර මහතා, Gospel House ආයතනයේ ශිරාන් කරුණාරත්න මහතා, ෆෝකස් ව්‍යාපාරික පාසලේ රෙක්ස් කහදවල මහතා, වෙස්ලි ජෝන් මහතා, ඩබ්.ඒ.එස්.කේ. විජේසිංහ මහතා සහ මහිලා සමිතියේ සභාපතිනි තිලකා පෙරේරා මහත්මිය ඇතුළු ගෞරවනීය ආයතනවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සම්මන්ත්‍රණයක් පැවැත්විණී.
2023-09-07 17:37:50
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි චාමා වනසිංහ මහත්මියගේ උපදෙස් මත එම රෙජිමේන්තුවේ සේවයේ නියුතු රණවිරුවන්ගේ පවුල්වල විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා රෝද පුටු පහක් සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගියදා පනාගොඩ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2023-09-06 18:46:09
රණක්ෂිතයට පත්ව ප්‍රතිකාර ලබමින් සිටින වීරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් අගෝස්තු මස 19 දින අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත අභිමංසල -1 සුවතා නිකේතනයේ සංචාරයක නිරත වූහ.
2023-09-06 18:28:26
ඉදිරි නඩත්තු පෙදෙස - උතුර යටතේ ස්ථාපිත 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නිලධාරීන් ඇතුළු හමුදා සාමාජිකයින් 200 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යාපනය, ශික්ෂණ රෝහලේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා රුධිර පරිත්‍යාග වැඩසටහනක් පසුගියදා පැවැත්වීය.