2023-09-05 23:54:08
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සිය සුභසාධන වැඩසටහන් තවදුරටත් පුළුල් කරමින් කොළඹ ප්‍රදේශයේ දිවිගෙවන විවාහක යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ආර්ථික දුෂ්කරතා මඟහරවාලීමට අත්වැලක් වීමේ අරමුණින් වියළි සලාක පාර්සල් 100 ක් එළඹුණු සඳුදා (සැප්තැම්බර් 4) දින බෙදා දෙන ලදී.
2023-09-05 23:31:53
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව එක්ව රෙජිමේන්තුවේ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ දරුවන් 100 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ, රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා කිහිලිකරු දහයක් හා රෝද පුටුවක්, එම පවුල් වල සාමාජිකයන්ට ස්වයං රැකියා සඳහා මහන මැෂින් හතරක් සහ සිවිල් වැසියන් 21 දෙනෙකු සඳහා ඇස් කණ්ණාඩි බෙදාදීමේ සුබසාධන වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 02) දින ක්‍රියාත්මක කරන ලදී.
2023-09-04 19:38:00
යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්යක්ෂ මණ්ඩලයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව රූපලාවන්‍යාගාරය විවෘත කිරීමේ උත්සවය පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 1) දින පැවති අතර එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්යක්ෂ බ්‍රිගේඩියර් පී.ආර්.බී.ඒ බණ්ඩාර ආර්එස්පීගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූවාය.
2023-08-31 19:44:38
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව වෙතින් එම බලකායේ සේවයේ නියුතු කාන්තා සාමාජිකාවන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් 275 දෙනෙකු වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-08-29 16:30:45
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මඟින් යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ දරු දැරියන් වෙනුවෙන් සඳුදා (අගෝස්තු මස 28) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී සුභසාධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබීය. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකි ලියනගේ මහත්මියගේ යෝජනාවකට අනුව සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ සහභාගී විය.
2023-08-28 23:16:38
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය ඒකාබද්ධව සියලුම නිලයන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් පසුගිය දා ‘සූපවේදය, කේක් නිර්මාණය සහ මල් සැරසිලි’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීය.
2023-08-23 23:05:01
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි හිමාලි පුස්සැල්ල මහත්මියගේ උපදෙස් මත එම ශාඛාව වෙත අරමුදල් රැස්කිරීමේ අරමුණින් නව යෝගට් නිෂ්පාදන ව්‍යාපෘතියක් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 15) දින යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කරන ලදී.
2023-08-20 20:42:10
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස්හි හා සිවිල් කාර්ය මණ්ඩල සමාජිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන තෝරාගත් ළමුන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පනාගොඩ, සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක කරන ලදී.
2023-08-18 21:36:20
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ අධීක්ෂණය මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සහ CBL සමූහ ආයතනය සමඟ එක්ව ‘විරුලිය හරසර’ යන තේමාව යටතේ සූපශාස්ත්‍ර කුසලතා පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීම අරමුණින් ආහාර පිසීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. ඒ සඳහා යුද්ධ හමුදා කාන්තා නිලධාරිනියන්, කාන්තා සෙබළියන් සහ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ භාර්යාවන්ද සහභාගී වූහ.
2023-08-15 23:58:20
යුද්ධ හමුදා මුලස්ථානයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියක් ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් 100 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 15) දින ක්‍රියාත්මක කරනු ලැබීය.