Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th October 2023 10:02:38 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව මගින් මහරගම අපේක්‍ෂා රෝහල වෙත අතාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති හා යුද්ධ හමුදා විනායාරක්‍ෂාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී සහ එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියන්තිකා ද සොයිසා මහත්මියගේ උපදෙස් මත මහරගම අපේක්‍ෂා රෝහල වෙත පලතුරු, කිරිපිටි සහ සනීපාරක්ෂක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 14) දින පවත්වනු ලැබීය.

රුපියල් ලක්ෂ 6ක් වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇසුරුම් පාර්සල් 250ක් එහිදී එම රෝහලේ ළමුන් සහ අනෙකුත් රෝගීන් අතර බෙදා දෙන ලදී. මෙම වැඩසටහන සාර්ථකව සිදුකිරීම සඳහා පරිත්‍යාගශීලීන් සමඟින් පොලිස් හේවා බලකා පුහුණු පාසලේ නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ අනුග්‍රාහකත්වයද ලබාදුන්හ.

වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේනාවිධායක, පොලිස් හේවා බලකා පුහුණු පාසලේ සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.