Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th January 2024 19:54:32 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් 200 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 16) දින එම රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයයේ ජ්‍යේෂ්ඨ සාමාජිකා සුමුදු රත්නායක මහත්මිය විසින් යුද්ධ හමුදා රෝහල වෙත සැපැමිණි ජානකී ලියනගේ මහත්මිය ඉතා උණුසුම් අයුරින් පිළිගැනිණි. අනතුරුව, එතුමියගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිලාභීන් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය.

උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා විධායක ජෙනරාල්, යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.