Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th February 2024 15:39:05 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ‘චර්ම රෝග’ පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව විසින් බොරැල්ල ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ‘චර්ම රෝග’ පිළිබඳ අධ්‍යාපනික වැඩමුළුවක් පසුගිය බදාද ( ජනවාරි මස 31) දින පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නයෝමි ගුණරත්න මහත්මියගේ ආරාධනයෙන් කොළඹ යුද්ධ හමුදා රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හා චර්ම රෝග පිළිබඳ උපදේශක වෛද්‍ය බ්‍රිගේඩියර් කේ.පී නිශාන්ත පතිරණ දේශණය පවත්වන ලදී. මෙම දේශණය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය යටතේ රාජකාරි නියුතු නිලධාරිනියන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.