2024-10-01 17:14:00
සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රශාදිනී රණසිංහ මහත්මිය ධූරයෙන් නික්ම යාමෙන් අනතුරුව අභිනවයෙන් ධුරයේ රාජකාරි කටයුතු භාරගත් හංසිකා මහලේකම් මහත්මිය වෙත රාජකාරි භාරදීමේ උත්සවය 2024 සැප්තැම්බර් මස 29 දින ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරී නිවස්නයේදී පැවැත්විණි.
2024-10-01 17:12:21
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වරුණි කුලතුංග මහත්මියගේ මඟපෙන්වීම මත නොච්චියාගම ප්‍රදේශයේ ස්ථාපිත 1 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය වෙතින් එම ඒකකයේ සාමාජිකයන්ගේ ගර්භනී භාර්යාවන් 32 දෙනෙකු වෙත රුපියල් 20,000.00 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය මාතෘ ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 28 දින ක්‍රියාත්මක කරන ලදී.
2024-09-30 18:06:11
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිලන්ති වනසිංහ මහත්මියගේ මඟපෙන්වීම මත 2024 සැප්තැම්බර් මස 28 දින දඹුල්ල වැඩිහිටි නිවාසය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහනේදී එම වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 57 දෙනෙකු වෙනුවෙන් විනෝදාස්වාද වැඩසටහනක් සහ ප්රණිත භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි.
2024-09-30 18:03:11
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනි ලෙස නිලන්ති වනසිංහ මහත්මිය 2024 සැප්තැම්බර් මස 26 දින එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තාය.
2024-09-29 15:08:24
ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සුභසාධන ව්‍යාපෘතිවල තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා සංඥා බලකායේ රාජකාරියෙහි නියුතු සිවිල් සේවක මහතෙකු වන නන්දන අමරසිංහ මහතාට 2024 සැප්තැම්බර් මස 26 දින නවතමයෙන් ඉදිකරනු ලැබූ නිවස භාරදෙනු ලැබීය.
2024-09-28 20:46:14
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී තුෂාරි අබේසිංහ මහත්මියගේ මගපෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 2024 සැප්තැම්බර් මස 25 දින ඉන්දිරා පිළිකා භාරයෙහි සංචාරයක නිරත වූහ. මෙහි වයස අවුරුදු එකේ සිට දහසය දක්වා පිළිකා රෝගී දරුවන් ඔවුන්ගේ පවුලවල සමාජිකයන් සමඟින් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, මෙම සංචාරයේදී එම පිළිකා භාරයෙහි නේවාසිකව ප්‍රථිකාර ලබන දරුවන්ගේ සුවදුක් විමසීම සිදුවිය.
2024-09-21 21:07:10
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ස්වෙන්ද්‍රිනී රොද්‍රිගෝ මහත්මිය ප්රමුඛ එම සේවා වනිතා ශාඛාවේ සියලු සාමාජිකාවන් 2024 සැප්තැම්බර් මස 07 දින සෙනෙහස වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 60 දෙනෙකු වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය.
2024-09-20 13:53:27
විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනි ලෙස දමයන්ති බණ්ඩාරනායක මහත්මිය එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 2024 සැප්තැම්බර් මස 18 දින පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාර ගැනීම සිදුවිය.
2024-09-19 19:44:09
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්තය, මධ්‍යම අවි හා පතුරොම් ගබඩාව සහ යුද්ධ හමුදා රෙදිපිළි ගබඩාවේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් 26 දෙනෙකු වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 14 දින ක්‍රියාත්මක කෙරිණි.
2024-09-18 13:58:21
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ මගපෙන්වීම යටතේ සහ එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වජිරා පෙරේරා මහත්මියගේ අධීක්ෂණය මත 2024 ජූලි මස 6 දින නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.