Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th November 2024 19:34:11 Hours

විශේෂ බලකා සේවා වනිතා ශාඛාව මූලිකත්වයෙන් වෛද්‍ය පරීක්‍ෂණ වැඩසටහනක්

විශේෂ බළකා සේවා වනිතා ශාඛාව සහ නාඋල මහ රෝහල සමඟ එක්ව 2024 නොවැම්බර් මස 01 දින 1 විශේෂ බලකා කඳවුරු පරිශ්‍රයේදී භටපිරිස් සහ ඔවුන්ගේ භාර්යාවන් සඳහා වෛද්‍ය පරීක්‍ෂණ සිදුකිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බළකා රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙ‍නරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ සහ එම රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ සභාපතිනි අනෝජා පීරිස් මහත්මියගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ හමුදා සාමාජිකයන් මෙන්ම වෛද්‍ය පණ්ඩුල විජේසූරිය සහ නාලන්දා රෝහල් කාර්යය මණ්ඩලයේ දායකත්වය හිමි විය. මෙම වැඩසටහන මගින් නිලධාරීන්, සෙබළුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු පුද්ගලයින් 100 දෙනෙකුට අත්‍යාවශ්‍ය සෞඛ්‍ය පරීක්‍ෂණ සිදුකිරීම් සහ වෛද්‍ය උපදේශන ලබා දීම සිදුකරන ලදී.