Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd December 2024 14:57:58 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවෙන් ශිෂ්‍යත්ව වැඩසටහනක්

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නෙලූකා නානායක්කාර මහත්මියගේ මගපෙන්වීම යටතේ එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව මගින් ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් මස 30 දින 2 බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේදී පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.

මෙම උත්සවයේදී 2023 වර්ශයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන්, අ.පො.ස (සා.පෙළ) විභාගයෙන් සහ අ.පො.ස (උ.පෙ) විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසු සිසුවියන් 36 දෙනෙකු සඳහා රුපියල් 570,000.00 ක ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.

එහිදී, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සහකාර භාණ්ඩාගාරික නෙත්මිණි මුතුමාල මහත්මියගේ සම්බන්ධීකරණයෙන් NDB බැංකුවේ ප්‍රාදේශීය කළමනාකාර තිළිණ හේවගේ මහතාගේ මඟපෙන්වීම යටතේ එම බැංකුව විසින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් ළමුන් සඳහා පාසල් පාවහන් යුගල 18ක් ද ප්‍රදානය කරන ලදී.

මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.