Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th December 2024 13:55:14 Hours

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවෙන් වියළි ආහාර සලාක ඇසුරුම් බෙදා දීමේ වැඩසටහනක්

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දිල්රුක්ෂි විමලරත්න මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2024 දෙසැම්බර් මස 07 වන දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වියළි ආහාර සලාක ඇසුරුම් බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

එහිදී, ගැමුණු හේවා බලකායෙහි රාජකාරියෙහි නියුතු හමුදා සාමාජිකයින් 21 දෙනෙකු වෙත සහ සිවිල් සේවක මහතුන් 4 දෙනෙකු වෙත රු. 200,000.00 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක ඇසුරුම් බෙදාදුන් අතර, ඉන් පසුව එම බලකා සේවා වනිතා ශාඛාවේ මාසික රැස්වීම ද පැවැත්වීය.

මෙම අවස්ථාවට ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් සහභාගී වූහ.