15th June 2025 06:55:40 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 ජුනි මස 06 දින ධර්ම දේශනාවක් පැවැත්විණි.
ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය සහ වෑඋඩ, දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන සංඝනායක කම්මට්ඨානාචාර්ය සහ විනයාචාර්ය අතිපූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ධර්ම දේශනාව පැවැත්විණි.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ මඟපෙන්වීම මත මෙම ධර්ම දේශනාව පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.