13th June 2025 14:32:13 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර නියෝජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේ.කේ.ආර් ජයකොඩි RWP USP මඟපෙන්වීම මත සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ඉඳුනිල් ජයකොඩි මහත්මියගේ අධීක්ෂණය යටතේ 2025 ජුනි මස 09 දින එම රෙජිමේන්තුවේ භටපිරිස් සහ සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සමඟ එක්ව, අඹේපුස්ස දුම්රිය ස්ථානය අසල සිනි සම්බල් බනිස් සහ කිරි කෝපි දන්සලක් පවත්වන ලදී.