Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th June 2025 10:16:29 Hours

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් කිරි තේ පැන් සහ අයිස්ක්‍රීම් දන්සලක්

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අයේෂා ලියනගේ මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව විසින් 2025 ජුනි මස 10 දින පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානය අසලදී කිරි තේ පැන් සහ අයිස්ක්‍රීම් දන්සලක් පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.