Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st August 2023 20:43:20 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

කොටිකාවත්ත සිංහ සමාජයේ සභාපති නිහාල් ධර්මසිරි මහතා ගේ අනුග්‍රාහකත්වය මත එතුමන්ගේ භාර්යාව සහ සිංහ සමාජයේ අනෙකුත් සාමාජිකයින් විසින් මුල්ලේරියාව, කොටිකාවත්ත ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 35 ක් වෙත බෙදාදීමේ අරමුණින් පසුගිය සෙනසුරාදා (අගෝස්තු මස 26) දින වියළි ආහාර සලාක පාර්සල් තොගයක් 14 පාබල සේනාංකයට අයත් 144 පාබල බලසේනාවේ භටපිරිස් වෙත ලබාදුන්හ.

යුද්ධ හමුදා සාමාජිකයන් සහ මහජනතාව අතර සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහ 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී විසින් මඟපෙන්වීම් ලබාදුන්හ. ව්‍යාපෘතියේ අධීක්‍ෂණ කටයුතු 144 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.වී. කොඩිතුවක්කු, 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීතුමන් විසින් සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 144 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් මෙන්ම මුල්ලේරියාව සමෘද්ධි බැංකුවේ සභාපතිතුමන් ද සහභාගි වූහ.