Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th August 2023 11:02:27 Hours

යුද්ධ හමුදා භටපිරිස් මුලතිව් ප්‍රදේශයේ ඩෙංගු මර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරයි

මේ වනවිට ක්‍රියාත්මක වන ඩෙංගු මර්ධන ව්‍යාපෘතියට සහයෝගය දක්වමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකයට අයත් 642 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 14 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් අගෝස්තු මස 17 දින මුලතිව් ඔතියමලේ පාසල් පරිශ්‍රය පිරිසිදු කරනු ලැබීය.

14 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් 25 දෙනෙකු සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරීන් මෙම පිරිසිදු කිරීමේ වැඩසටහනට සහභාගී වූහ.