11th April 2024 14:47:17 Hours
12 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් එච්.එම්.වී.පී. හේරත් ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ භටපිරිස් විසින් තොප්පිගල ප්‍රදේශයේ වෙසෙන සිසු සිසුවියන් 145 දෙනෙකු වෙනුවෙන් අත්‍යාවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2024 අප්‍රේල් මස 06 දින කෝරලේපත්තු දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය.
මීගමුව ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන් වන රනිල් ප්‍රනාන්දු, ජිවන්ත ප්‍රනාන්දු, ටෙරන්ස් ප්‍රනාන්දු සහ ටිරෝන් මෙන්ඩිස් යන මහත්වරුන්ගේ අනුග්‍රාහකත්වය මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන යටතේ එක් සිසුවෙකු වෙත රුපියල් 6000.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ කට්ටලය බැගින් පරිත්‍යාග කෙරිණි.
මෙම පරිත්‍යාග වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහභාගී විය.