18th April 2024 18:02:41 Hours
ත්‍රිකුණාමලය, ශර්ධාපුර ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා 2024 අප්‍රේල් මස 04 දින මුල්ගල තැබිණි.
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.එ්.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් නව නිවස ඉදි කිරීමට නියමිතව ඇති අතර, රුචිර විතානගේ මහතාගේ මුල්‍යමය අනුග්‍රාහකත්වය මත නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි.
22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ මෙම අවස්ථාවට 4 සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරීතුමන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ නිවාස ලාභීන් ද සහභාගී වූහ.