17th April 2024 16:49:49 Hours
යුද්ධ හමුදාව මගින් නව නිවාසය ඉදිකර දීමේ සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ මොල්ලිපොතාන, උතුර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා ඉදිකරන ලද නව නිවසය 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්පී ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් මස 11) වන දින නිවාස ලාභීන් වෙත භාරදෙන ලදී.
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී පීඑස්සී එන්ඩීයූ අයිජී ගේ උපදෙස් මත 223 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ 15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය සහ තාක්ෂණික දැනුම යොදාගනිමින් මෙම නව නිවාස ඉදි කරන ලදී.
22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සම්බන්ධීකරණයෙන් හා ප්‍රසිද්ධ ගායන ශිල්පී භාතිය ජයකොඩි මහතාගේ මූල්‍යමය පරිත්යාගශීලිත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත එච්.ඒ.ඒ.සී දිනේෂ් කුමාර මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් සඳහා නව නිවාසය ඉදිකර දුන්හ.
මෙම අවස්ථාවට 223 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වයි.එච්.පී රංගජීව යූඑස්පී, 15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් එන්.සී මාරසිංහ, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, භාතිය ජයකොඩි මහතා සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගි වූහ.