Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th May 2024 17:21:13 Hours

පස්යාල ප්‍රදේශයේ කඩාවැටී තිබූ සියඹලා ගසක් ඉවත්කිරීමට 141 පාබල බලසේනාවේ භටපිරිස්හී දායකත්වය

අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් 2024 මැයි මස 23 දින පස්යාල, රඳාවඩුන්න ප්‍රදේශයේ සියඹලා ගසක් කඩා වැටී ඇත.

141 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.ආර්.ඩී.ඊ.එස්. ධර්මවික්‍රම ආර්එස්පී ගේ උපදෙස් මත කලාප 14 යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී එම සියඹලා ගස ඉවත් කිරීමට කටයුතු කළහ. ගම්පහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ තොරතුරකට අනුව යුද්ධ හමුදා භටපිරිස් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.