Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th May 2024 19:28:06 Hours

වෙසක් උත්සවය වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් වැඩසටහන් මාලාවක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් 2024 මැයි මස 23 දින සිට 26 දින දක්වා වැලිකන්ද නගර මධ්‍යයේදී වෙසක් කලාපයක් පැවැත්වීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ සුරතින් ආගමික වතාවත් මධ්‍යයේ වෙසක් කලාපය විවෘත කෙරිණි. අනතුරුව, මෙම අවස්ථාව සඳහා සහභාගී වූ සම්භාවනීය අමුත්තන් වෙසක් කලාප පරිශ්‍රයේ සංචාරයක නිරත වූ අතර වෙසක් කලාපයේ සංවිධාන කටයුතු සඳහා භටපිරිස් දැක්වූ දායකත්වය ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ ඇගයීමට ලක්විය.

එමෙන්ම, මෙම වෙසක් කලාප පරිශ්‍රයේ පැවැත්වූ බත් දන්සල ද ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ සුරතින් විවෘත කෙරුණු අතර ඒ සඳහා පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් මඟීන් සහ වැලිකන්ද ප්‍රදේශයේ බැතිමතුන් 8000 කට අධික පිරිසක් සහභාගී වූහ. මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.