27th May 2024 17:45:52 Hours
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම හා ශ්‍රී කැලණිය රජමහ විහාරස්ථාන තරුණ සංවිධානයේ අනුග්‍රාහකත්වය මත බත් දන්සලක් පැවැත්විණි.
මෙම බත් දන්සල 2024 මැයි 23 සහ 24 දෙදින තුළ පැවති අතර ඒ සඳහා බැතිමතුන් 20,000 කට අධික පිරිසක් සහභාගී වූහ. 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 144 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය මත මෙම දන්සැල පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.