22nd November 2024 07:59:24 Hours
56 පාබල සේනාංකය සහ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය එක්ව 2024 නොවැම්බර් මස 19 දින නැඳුන්කර්නි සහ පලිනගර් ප්‍රදේශයන්හි වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් 150 ක් වෙනුවෙන් කුකුළු පැටවුන්, එළවළු පැළ සහ ගොවි උපකරණ බෙදාදෙනු ලැබීය.
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එම්.පී.එම්.එන්. මුතුමාල යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 561 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
ඒ අනුව, 10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව වෙතින් පලිනගර් ප්‍රදේශයේ පවුල් 75 කට සහ 16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් නැඳුන්කර්නි ප්‍රදේශයේ උතුරු ග්‍රාම නිලධාරී කාර්යාලයේදී පවුල් 75 කටත් කුකුළු පැටවුන්, එළවළු පැළ සහ ගොවි උපකරණ බෙදාදෙනු ලැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ගොවි මහතුන් පිරිසක් සහභාගි වූහ.