25th November 2024 15:07:24 Hours
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 20 දින දිඹුලාගල, දෙවන පියවර ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර නිමා කරන ලදී.
මෙම ව්‍යපෘතිය 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ අණදෙන නිලධාරී මේජර් බී.ඩී.ආර්. පෙරේරා පීඑස්සී එල්එස්සී ඒඒටීඕ සහ දිඹුලාගල විහාරස්ථානයේ මහානායක ස්වාමීන් වහන්සේගේ සම්බන්ධීකරණය මත සිදුකරන ලදී. නිවස ඉදිකිරීමට ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන් මුල්‍යමය දායකත්වය සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන ලදී.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී විසින් නව නිවසේ යතුරු ප්‍රථිලාභීන් වෙත ප්රදානය කළ අතර, අනතුරුව නිවාස ලාභී පවුල වෙත ආගමික වතාවත්වලින් ආශිර්වාද එක් කළහ. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ප්‍රතිලාභීන්ගේ පවුලේ සාමාජිකයන් සහභාගි වූහ.