Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th March 2023 19:50:20 Hours

7 වන සන්නද්ධ බුද්ධි බලකායේ මූලිකත්වයෙන් අවශ්‍යතා සහිත පවුල් වෙත වියළි ආහාර සළාක පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන පාබල සේනාංකය සහ 222 වන පාබල බලසේනාවේ සම්බන්ධීකරණයෙන් 7 වන සන්නද්ධ බුද්ධි බලකායේ භටපිරිස් විසින් සේරුනුවර, තෝපූර් සහ කිලිවෙඩ්ඩි ප්‍රදේශවල පදිංචි අඩු ආදායම්ලාභී පවුල් 25 ක් අතර රුපියල් 4000 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් 25 ක් බෙදාදීමේ වැඩසටහනක් ඉකුත් සෙනසුරාදා (මාර්තු 25) දින සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පරිශ්‍රයේදී දියත් කරන ලදී.

මෙම වැඩසටහන සඳහා 222 වන පාබල බලසේනාවේ සහ 7 වන සන්නද්ධ බුද්ධි බලකායේ භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් කැනඩාවේ පදිංචි රාජ් මෝහන් මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් අනුග්‍රහකත්වය දක්වන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි ගේ මාර්ගෝපදේශය යටතේ 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිති මේජර් ජෙනරල් සාලිය අමුණුගම සහ 222 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සාලිය ඩයස් ගේ මඟපෙන්වීම මත 7 වන සන්නද්ධ බුද්ධි බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම්.ඩී.සී.ඩී මාතරගේ විසින් වැඩසටහන ක්‍රියාවට නංවන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස අනුග්‍රාහක භවතුන්, 222 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහභාගී වූ අතර 7 වන සන්නද්ධ බුද්ධි බලකායේ අණදෙන නිලධාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ප්‍රතිලාභීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.