Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th April 2023 17:56:56 Hours

11 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් ගර්භනී කාන්තාවන් සඳහා පරිත්‍යාග වැඩසටහනක්

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නිමිති කරගනිමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංක මුලස්ථානය වෙතින් පසුගිය බදාදා (19) දින මහනුවර ජාතික රෝහලේ ගර්භනී කාන්තාවන් 200 දෙනෙකු වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ දිවා ‍භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය.

මහනුවර අස්ගිරි මහා විහාරවාසී ශීලානන්ද හිමිපාණන්ගේ අනුග්‍රාහකත්වය මත 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන සඳහා එක් වූ 11 පාබල සේනාංකයේ නිලධාරින් සහ සෙසුනිලයන් එම ගර්භනී කාන්තාවන්ගේ වාට්ටු වෙත ගොස් ඔවුන් වෙත මෙම පරිත්‍යාගයන් සිදුකළහ. ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණී.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.