25th April 2023 17:46:58 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි මූලිකත්වයෙන් එම මූලස්ථානයේ හමුදා සාමාජිකයින් සහ ප්‍රදේශයේ රාජකාරියෙහි නියුතු නාවික, ගුවන් හමුදා සාමාජිකයින්ගේ ද සහභාගීත්වයෙන් ඔවුන්ගේ ආධ්‍යාත්මික ගුණවගාව ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ලද ‘සිත් නිවා හමා එන අමා බුදු ගුණ සුවඳ’ වැඩසටහන සඳහා බෙලිහුල්ඔය භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති බලංගොඩ රාධ හිමියන් විසින් පසුගිය සඳුදා (24) දින ධර්ම දේශනාවක් සිදුකරනු ලැබීය.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී.ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මගපෙන්වීම යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි ශ්‍රවණාගාරයේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
ධර්ම දේශනය සිදුකරමින් බලංගොඩ රාධ හිමියන් විසින් රටටත්, ත්‍රිවිධ හමුදාවටත් ආශිර්වාද එක් කරමින් ආර්ථික දුෂ්කරතාවලින් මිදී සාමකාමී, සමෘද්ධිමත් අනාගතයක් උදාවේවායි ප්‍රාර්ථනා කළහ. තවද එහිදී රට වෙනුවෙන් දිවිපිදූ ත්‍රිවිධ හමුදාවේ වීරෝදාර රණවිරුවන්ටත් පින් අනුමෝදන් කරන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ඇතුළුව ප්‍රදේශයේ රාජකාරියෙහි නියුතු ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 100 දෙනෙකු සහ සෙසුනිලයින් 1200 දෙනෙකු මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ.