25th April 2023 17:54:29 Hours
අප්‍රේල් මස 22 දිනට යෙදෙන මිහිතල දිනයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයේ භටපිරිස් යාපනය ප්‍රදේශයේ පිහිටි ගුරුනගර් වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සිදුකරනු ලැබීය.
එම ප්‍රදේශයේ වැසියන්ගේ සහයෝගය ඇතිව යුද්ධ හමුදා භටපිරිස් පසුගිය සඳුදා (24) දින ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහනේදී ඉවතලන දවටන, පොලිතින්, ප්ලාස්ටික් බෝතල්, හිස් කෑන් සහ තවත් දූෂක ද්‍රව්‍ය හේතුවෙන් දැඩි ලෙස දූෂණයට ලක් වී තිබූ වෙරළ තීරය පිරිසිදු කරනු ලැබිණි.
වෙරළබඩ හා සමුද්‍ර සම්පත්වල වැදගත්කම සහ ඒවා සංරක්ෂණය කිරීම පිළිබඳ පොදු ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය වෙතින් සිදුකරනු ලැබිණි.
මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් නාවික හමුදා භටපිරිස්, පොලිස් නිලධාරින්, බාලදක්ෂයින් සහ ප්‍රදේශවාසී සිවිල් වැසියන් ද යුද්ධ හමුදා භටපිරිස් සමඟින් අත්වැල් බැඳගත්හ.
මෙම වැඩසටහන සඳහා යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දරන් මහතා, ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන්. බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී, 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන්, නාවික හා ගුවන් හමුදා සාමාජිකයින්, රාජ්‍ය නිලධාරින් සහ පාසල් සිසු සිසුවියන් පිරිසක් ද සිය දායකත්වය දැක්වූහ.