26th April 2023 18:14:48 Hours
යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව හැටන් නැෂනල් බැංකුව වෙතින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත කිලිනොච්චි, කරියලනාගපද්දුවාන් දමිළ මිශ්‍ර පාසල, අක්කරායන්කුලම් මහා විද්‍යාලය සහ සෙල්ලියතිව් දමිළ පාසලේ ඉගෙනුම ලබන ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත වන සිසු සිසුවියන් 300 දෙනෙකු වෙනුවෙන් අභ්‍යාස පොත්, ලිපි ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (අප්‍රේල් මස 23) දින එම පාසල් පරිශ්‍රයන්හිදී ක්‍රියාත්මක කෙරිණි.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 66 පාබල සේනාංකයේ භටපිරිස් එම පවුල්වල ආර්ථික දුෂ්කරතා පිළිබඳව දැනුවත් වීමෙන් අනතුරුව එම පවුල්වල සිසු සිසුවියන් වෙනුවෙන් මෙම පරිත්‍යාග වැඩසටහන සංවිධානය කරන ලදී.
මෙම පරිත්‍යාග වැඩසටහනේදී සිසු සිසුවියන් වෙත අවශ්‍ය සියලුම අභ්‍යාස පොත්, ලිපි ද්‍රව්‍ය සහ ඒ - 4 පත්‍රිකා බෙදාදුන් අතර මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු 66 පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් එච්.පී.ඩී.ඒ. විජේසේකර විසින් සිදුකරන ලදී.
66 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී. ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා අවශ්‍ය දායකත්වය 661 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ජී.එම්.එන් සෙනෙවිරත්න යූඑස්පී, 662 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.පී.පී කරුණානායක යූඑස්පී සහ 663 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ.එන්.ඩී.ආර් කන්නන්ගර ආර්එස්පී අයිජී ලබාදුන්හ.
මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දමිත් පල්ලෙවත්ත මහතා ඇතුළු නිලධාරීන්, අදාළ පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරු භවතුන් ද සහභාගි වූහ.
11 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුව, 20 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 5 (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීවරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.