Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th April 2023 18:10:52 Hours

581 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් පාසල් සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ පරිත්‍යාගයක්

1 වන බලකාය යටතේ ස්ථාපිත 58 පාබල සේනාංකයට අයත් 581 පාබල බලසේනාවේ භටපිරිස් හැටන් දමිළ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 100 දෙනෙකු වෙනුවෙන් රුපියල් 3000/= ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක් අප්‍රේල් මස 25 දින සංවිධානය කරනු ලැබීය.

‘Hidramani International Exports’ පුද්ගලික සමාගමේ සහ 581 පාබල බලසේනාවේ භටපිරිස්හි ඒකාබද්ධ අනුග්‍රාහකත්වය මත සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නිමිති කරගනිමින් මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 581 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහභාගී වූ අතර අනුග්‍රාහක භවතුන්, නිලධාරීන්, සෙසුනිලයන්, විදුහල්පතිවරුන් සහ පාසල් කාර්ය මණ්ඩලය සහ දෙමාපියන් ද උත්සවය සඳහා සහභාගී වූහ. 581 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.එන්. ප්‍රනාන්දු ගේ මඟපෙන්වීම මත ප්‍රදේශවාසී ජනතාවගේ ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ සහ 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කරනු ලැබීය.