Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th May 2023 18:54:10 Hours

221 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයට අයත් 221 පාබල බලසේනාවේ භටපිරිස් වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් 50 ක් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් මැයි මස 5 දින ත්‍රිකුණාමලය කුඹුරුපිඩ්ඩි විද්‍යාලෝක විහාරස්ථාන පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.

කොළඹ ප්‍රදේශයේ වෙසෙන දානපතියෙකු සහ විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත 17 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම පරිත්‍යාග වැඩසටහන 221 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.කේ පීරිස් ආර්එස්පී ගේ අධීක්‍ෂණය මත ක්‍රියාත්මක කරනු ලැබිණි.

මෙම වැඩසටහන යටතේ සහල්, පරිප්පු, හාල්මැස්සො, කුළුබඩු, පෝෂ්‍ය පදාර්ථ සහ ධාන්‍ය වර්ග වලින් සමන්විත රුපියල් 6000/= ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබිණි.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.