Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th May 2023 22:22:01 Hours

211 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පරිත්‍යාග වැඩසටහනක්

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආර්ථික අපහසුකා මධ්‍යයේ දිවිගෙවන ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් 211 පාබල බලසේනාවේ භටපිරිස් වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් පසුගිය සෙනසුරාදා (6) දින එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 50 ක් වෙනුවෙන් වියළි සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය.

‘The Relief Vessel of Humanity’ ව්‍යාපෘතියේ 27 වන අදියර ලෙස ප්‍රසාද් ලොකුබාලසූරිය මහතාගේ සම්බන්ධීකරණය මත මෙම සුබසාධන ව්‍යාපෘතිය සඳහා උමේෂ් ගුණසේකර මහතා, මධුරි ගුණසේකර මහත්මිය සහ හර්ෂනී ගුණසේකර මහත්මිය ගේ ඒකාබද්ධ අනුග්‍රාහකත්වය හිමිවූහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී වූ අතර මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් එම්.සී. මලවිආරච්චි මහත්මිය, ව්‍යාපාරික උමේෂ් ගුණසේකර මහතා ඇතුළු පරිත්‍යාගශීලීන්, 211 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරින්, 14 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරින් සහ භටපිරිස් ද සහභාගි වූහ.